පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන 40 ක් අසම්පූර්ණයි – නීතිපති කියයි

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පිළිබඳ සිදුකර ඇති විමර්ශන 40 ක් අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබේ. එබැවින් එම විමර්ශන 40 ට අදාළ සියලු ලිපිගොනුද වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු යොමු කිරීමටයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා අදාළ අංශ වෙත නියෝග කර ඇත්තේ.

ඉදිරියේදී ද පොලිස් පරීක්ෂණ පිළිබඳ අසම්පූර්ණ ලිපිගොනු ආපසු යොමු කිරීමට පියවර ගන්නා බවයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත්තේ. එබැවින් පාස්කු ප්‍රහාරයට අදාළ අසම්පූර්ණ විමර්ශන කඩිනමින් සම්පූර්ණ කර තමන් වෙත එවන ලෙසට නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වෙත උපදෙස් ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *