පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් අප්‍රේල් 21ට පෙර කියනවා

පාස්කු ප්‍රහාරයට වගකිව යුතු සැලකිය යුතු කණ්ඩායමක් අප්‍රේල් 21 වැනිදාට පෙර හෙළිදරව් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙයියන්දර දී  පැවසීය.

ලබන අප්‍රේල් 21 වැනිදාට නැවත පාස්කු ප්‍රහාරය සිහිපත් වන බව කී ජනාධිපතිවරයා එදිනට පෙර ඊට වගකිව යුත්තන් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බව සඳහන් කළේය.

වංචා දූෂණ පරීක්ෂණ මෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා කීය.

වංචා දූෂණ අපරාධ ආදියට සම්බන්ධ හිටපු ඇමතිවරුන් තුන්දෙනකු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අතර ඉදිරියේදී එවැනි තවත් ගොඩක් ප්‍රවෘත්ති ජනතාවට දැන ගැනීමට ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

පාර්ලිමේන්තුවේ හිටපු අය ගැන ලැයිස්තු ගණනාවක් ඉදිරි දිනවලදී දැනගැනීමට ලැබෙනු ඇතැයි කී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජය මහජන දේපොළ නාස්ති කරන සංස්කෘතියට තිත තබා තිබෙන බව සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගය ජයග්‍රහණය වෙනුවෙන් දෙයියන්දර පැවති ජනරැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *