පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අලුතින් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – නාමල්

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන පිළිගත් විදේශීය ආයතන විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමලා රාජපක්ෂ මහතා පවසයි.

“විවිධ රූපවාහිනී නාලිකා හෝ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවට එක්සත් රාජධානිය, ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව අලුතින් පරීක්ෂණයක් පැවැත්විය යුතුය,” මන්ත්‍රීවරයා කියා සිටියේ එවැනි පරීක්ෂණයකට තම පක්ෂය සහාය දෙන බවයි.

රූපවාහිනී නාලිකාවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට ත්‍රස්තවාදී සංවිධාන ගැන විමර්ශනය කිරීමේ හැකියාවක් නොමැති බව ඔහු පැවසීය.

“යහපාලන ආණ්ඩුව කාලේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හොයන්න තේරීම් කාරක සභාවක් පත් කළා. එම තේරීම් කාරක සභාවේ සාමාජිකයන් වූයේ සරත් ෆොන්සේකා, එම්.ඒ.සුමන්තිරන් වැනි මන්ත්‍රීවරුන්ය. මීළඟ පියවර වන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබඳ විමර්ශන පිළිබඳ විශේෂඥ ජාත්‍යන්තර සංවිධාන නව පරීක්ෂණයක් පැවැත්වීමයි,” ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *