පාසල්, විශ්වවිද්‍යාල සිසුන්ට වාර ප්‍රවේශපත්‍රවලින් නිවාඩු දිනවලත් ගමන් කිරීමට අවසර

පාසල්, විශ්වවිද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන්ට වාර ප්‍රවේශපත්‍රයෙන් සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවලද ලංගම බස් රථවල ගමන් කිරීමට අවසර දෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල වාර ප්‍රවේශපත්‍රවලින් ගමන් ගන්නා සිසුන්ට සිදුවන අපහසුතා පිළිබඳ පැමිණිලි සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

වාර ප්‍රවේශපත්‍ර වලංගු මාසය තුළ වාර ප්‍රවේශපත්‍ර ඇති සිසුන්ට කිසිදු ගැටලුවකින් තොරව නිවාඩු දිනවල ලංගම බස්රථවල ගමන් කිරීමට අවස්ථාව සැලසීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා සභාපතිවරයාට උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *