පාසල් වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ ගාස්තු අය කරගැනීම තහනම්

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කර තිබෙනවා.

එම තීරණය නොසළකමින් නීති විරෝධී ලෙස ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් දෙමාපියන්ගෙන් මුදල් අයකර ගැනීම් වාර්තා වී ඇති බවයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ. රට තුළ පවතින තත්ත්වය හමුවේ දෙමව්පියන් තවදුරටත් පීඩාවට කරන එවැනි සිද්ධීන් පිළිඹද ප්‍රවාහන අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසටත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් දෙමව්පියන්ගෙන් අප්‍රේල් මාසයට අදාළ පාසල් වෑන් රථ ගාස්තු අයකර ගැනීම් වාර්තා වී ඇති බවත් පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කලේ මෙම අය කරගැනීම් වලක්වා ගැනීමට බවත් වැඩි දුරටත් පෙන්වා දුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *