පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට තීරණයක්

පෙබරවාරි මාසයේ සිට පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති ලලිත් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, පාසල් ආරම්භයේ දී එම ප්‍රතිශතය පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බවය.

නව වැට් බදු සංශෝධනය  ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉන්ධන ඇතුළු වාහන කොටස් මිල ද ඉහළ ගොස් ඇතැයි පැවසු ඒ මහතා, මේ හේතුවෙන් අනිවාර්යයෙන්ම ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *