පාසල්වල දිවා ආහාරය ලබාදීමට වෙන් කළ ප්‍රතිපාදන වැඩි කරයි.

පාසල් සිසුන් සඳහා දිවා ආහාර ලබාදීමේ වැඩසටහන පුළුල් කරන අතරම එක් සිසුවෙකු සඳහා වෙන් කෙරෙන රුපියල් 30 ක මුදල අගෝස්තු 1 වැනිදා සිට රුපියල් 60 දක්වා වැඩි කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, මෙතෙක් වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බවත්, එය වැඩි කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇති බවත්ය.

මෙම වැඩසටහන දැනට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශය මගින් මෙහෙයවනු ලබයි.

මේ වන විට පාසල් 7,920 ක පාසල් සිසුන් මිලියන 1.1 කට මෙම සැලැස්ම හරහා ප්‍රතිලාභ හිමිවන බව අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *