අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කැඳවා තිබූ රැස්වීම අවසන් තීරණයකින් තොරව අවසන් වූයේ ආණ්ඩු පක්ෂයේ හිතවතුන් එකඟතාවකට පැමිණ තිබුණද යෝජිත පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිසංස්කරණ සංශෝධනය විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.
සමගි ජන බලවේගය (SJB) දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (TPA) සහ රිෂාඩ් බදියුදීන් ප්‍රමුඛ ACMC සහභාගී වූ නමුත් විපක්ෂ නායකවරයා රැස්වීම වර්ජනය කරන බව සඳහන් කර ඇත.
ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර පොන්නම්බලම් මහතාද මෙම රැස්වීමට සහභාගී විය.
ටීපීඒ නායක මනෝ ගනේෂන් පැවසුවේ විපක්ෂයේ සියලුම පක්ෂ මෙම පියවරට විරුද්ධ බවයි.
“කෙසේ වෙතත් ඩලස් අලහප්පෙරුම කීවේ තම කණ්ඩායම විරුද්ධ වන්නේ ප්‍රතිසංස්කරණ මුවාවෙන් මැතිවරණ කල්දැමීමට යැයි කියන ක්‍රියාවට බවයි,” ගනේෂන් පැවසීය.
අලහප්පෙරුම ඒ වන විටත් පවසා තිබුණේ තමන් ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම විරුද්ධ වූයේ මැතිවරණ කල් දැමීමට පමණක් බවයි. මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීම බොහෝ කලක සිට ජනතාව අපේක්ෂා කළ දෙයක් බව ඔහුගේ අදහසයි. ඔහු මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ සැබෑ පියවරක් සාදරයෙන් පිළිගන්නා බවයි.
සති දෙකකින් තවත් දේශපාලන පක්ෂ නායක රැස්වීමක් පැවැත්විය යුතු බවට තීරණය කර තිබෙනවා.