පාර්ලිමේන්තු ප්‍රධානීන් ඇමති හර්ෂණට කනගාටුව පළ කරයි

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය පදවියක් ගැන සඳහන් වීම එම තොරතුරු ඇතුළත් කිරීමේදී සිදුවූ වරදක් බව පාර්ලිමේන්තු ප්‍රධානීන් අමාත්‍ය නානායක්කාර මහතාට කනගාටුව පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ( සන්නිවේදන ) ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කරයි.

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලියේ අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළවන වාර්තා සම්බන්ධයෙන් පහත කරුණු අවධාරණය කරමි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දෙන ලද ‍සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබිණ. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලියේ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවකි.

ඒ අනුව එකී අතපසුවීම නිවැරදි කිරීමට දැනට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධත අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව පළ කරමි.

එසේම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු කරමින් පවතී.

මේ අතර එම පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සභානායක ලේකම් කාර්යාලය ප්‍රකාශ කරන්නේ මන්ත්‍රීවරුන්ගේ තොරතුරු පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කිරීමේ කටයුතුවලට සභානායක කාර්යාලයේ කිසිම වගකීමක් නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *