පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ – අයවැය තෙවන වර කියවීමේ ඡන්ද වීමසීම අද

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.‍

ඒ අනුව අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වීමට නියමිතය.

අද පස්වරු 6.00 ට එම ඡන්ද විමසීම පැවැත්වේ.

පසුගිය නොවැම්බර් 13 වනදා 2024 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන කෙටුම්පත මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඉන් අනතුරුව නොවැම්බර් 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවති අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත් වුණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 77කි.

අයවැය තෙවන වර කියවීමේ විවාදය නොවැම්ර් 22 වනදා සිට ආරම්භ වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *