“කඩදාසි නැති පාර්ලිමේන්තුව” යන තේමාව යටතේ පාර්ලිමේන්තුවේ කඩදාසි භාවිතය අවම කිරීමේ ක්‍රියාකාරී සැලැස්මක් දියත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ සහ පාර්ලිමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය අනාවරණ විය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ යෝජනාවකට අනුව මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික සාකච්ඡාවක් ඊයේ (22) එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
පොත්පත්, පත්‍රිකා සහ කඩදාසි ආශ්රිත ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් මේසය මත ගොඩගැසී ඇති බවත්, එය දෛනිකව විශාල පාරිසරික හානියක් මෙන්ම සම්පත් නාස්තියක් සිදු කිරීමට දායක වන බවත් අමාත්‍ය අමරවීර මහතා පැවසීය.
කඩදාසිවලින් තොර පාර්ලිමේන්තුවක් සෑදීමට අමාත්‍යාංශයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව ද පැවසූ අමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ දිනකට කඩදාසි භාවිතය සඳහා අඩි 40ක් උස ගස් 37ක් වත් කපා දැමිය යුතු බව පැවසීය.
එබැවින් මෙම කාර්යය ක්‍රියාත්මක කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු පැවසීය. හැන්සාඩ් මුද්‍රණය සඳහා දිනකට රුපියල් මිලියනයක පමණ මුදලක් වැය වන බවද අනාවරණය විය.
ඒ අනුව කඩදාසිවලින් තොර පාර්ලිමේන්තුවක් කිරීමේ අරමුණින් මෙම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තමන් කථානායකවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.