පාර්ලිමේන්තුවේ මුලසුනට එන අයට එංගලන්තෙන් පාඩමක්

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) විසින් සංවිධානය කරන ලද කථානායකවරයා ඇතුළු මුලසුන දැරීම සඳහා නම් කරන ලද මන්ත්‍රීවරයන්ට (සභාපති නාමාවලියේ සඳහන් මන්ත්‍රීවරයන්ට) අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැඩමුළුවක් පැවැත්විණි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න,  නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙම වැඩසටහනට සහභාගී වූහ.

එක්සත් රාජධානිය නියෝජනය කරමින් එරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ජුඩිත් කමින්ස් (Ms. Judith Cummins), එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායක ඩෝන් ප්‍රිමරොලෝ (Ms. Dawn Primarolo), සහ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිවරයෙක් වූ කෙනත් ඩොනල්ඩ් මැකින්ටොෂ් (Mr. Kenneth Donald Macintosh) යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී, එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවලට අදාළව මූලාසනය දරන සභාපතිවරුන්ගේ භූමිකාව පිළිබඳ කරුණු ආවරණය කෙරිණි.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් හංස අබේරත්න මහත්ම මහත්මීහු  ඇතුළු  ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරීහු මීට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *