කථානායකවරයාගේ පෙර ගමන් රථයේ පොලිස් රියැදුරුට සහ උප පොලිස් පරීක්ෂකවරයාට කොවිඩ් ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමග පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයද වසා දැමීමට තීරණය කර තිබේ. කොවිඩ් ආසාධිත උප පරීක්ෂකවරයා පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයටද ගොස් ඇති අතර එම තැපැල් කාර්යාලයද මේ වන විට වසා දමා තිබේ.
මීට අමතරව එම පොලිස් උප පරීක්ෂකවරයා ගමන් කළ විදුලි සෝපානයේ විපක්ෂ නායක කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුද ගමන් කර ඇති බව විමර්ශණ ඔස්සේ අනාවරණය වී ඇත.
මෙම තත්වය මත කථානායක කාර්යාලය, තැපැල් කාර්යාලය සහ විපක්ෂ නායක කාර්යාලය ඇතුළු කාර්ය මණ්ඩලයේ 25 දෙනෙකුට ආසන්න පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ අද (31) සිදු කිරීමට නියමිත බවට වාර්තා වේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාත්, කොවිඩ් ආසාධිත පොලිස් රියැදුරාගේ සහ උප පොලිස් පරීක්ෂකවරයාගේ සමීප ආශ්‍රිතයන්ද මේ වනවිට නිරෝධායනයට ලක් කර තිබේ.