2025 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන ඇත.
අධිකාරිය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කළ මිල ගණන් මෙසේය.
මිලිලීටර් 500 – 999 අතර පානීය ජල බෝතලයක මිල රුපියල් 70ක් ද, ලීටර් 1 – 1.499 අතර රුපියල් 100ක් ද, ලීටර් 1.5 – 1.999 අතර රුපියල් 130ක් ද, ලීටර් 2 – 2.499 අතර රුපියල් 160ක් ද, ලීටර් 5 – 6.999 අතර රුපියල් 350ක් ද වේ.