පාන් රාත්තලක මිල අද(17) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
තිරිඟු පිටි කිලෝවක මිල් රුපියල් 8කින් ඉහළ දැමීමට ප්‍රීමා සමාගම ගත් තීරණයත් සමග මෙසේ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කර තිබිණි. නමුත් පාන් රාත්තලක මිල පමණක් ඉහළ දැමූ බවත් අනෙකුත් බේකරි නිෂ්පාදන සම්බන්ධයෙන් මිල ඉහළ දැමීමක් පිළිබඳ මෙතෙක් තම සංගමය එකඟතාවයකට පැමිණ නැති බවත් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.
(උපුටා ගැනීම – dailymirror.lk)