පාන් පිටි හා කිරි පිටිවලටත් මිල සූත්‍රයක්

පාන් පිටි සහ කිරි පිටි සඳහා ද මිල සුත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.

ඉදිරියේදී කිරි පිටි සහ පාන් පිටි සමාගම්වලට තම අභිමතය පරිදි මිල සංශෝධනයන් කිරීමට හැකියාවක් නැති බවත් කැබිනට් මණ්ඩලය හා  ජීවන වියදම් කමිටුව ඊට අදාළ කටයුතු  මේ වනවිට සිදුකරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර මිල ගණන් වෙනස් කරමින් වෙළඳාම් සිදු කරන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා ප්‍රකාශ කර සිටී.

(අද දෙරණ ඇසුරිනි / Image – Sri Lankan Mirror)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *