ප්‍රේමලාල් ජසසේකර හා පිල්ලෙයාන්ට හෙට පාර්ලිමේන්තු යාමට අවසර

දැනට මරණ දඬුවම නියමව සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාටත්, රක්ෂිත බන්ධනාගරගතව සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ටත් හෙට (20) පැවැත්වෙන පාර්ලිමේන්තු මංගල සභා රැස්වීම සඳහා සහභාගී විමට අවසර හිමව තිබේ.

ප්‍රේමලාල් ජයසේකර මහතා සිය මරණ දඬුවමට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ අභියාචනය පාර්ලිමේන්තුව වෙත එවා ඇති අතර, එය පාර්ලිමේන්තු වේත්‍රධාරී විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත යොමු කර, පාර්ලිමේන්තු රැස්වීමට ඉඩකඩ සලසා දෙන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර, 2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගරගතව සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට ද ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *