ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායට රැගෙනවිත් ඇති පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් අද දිනයේ මලයාසියාවට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව ඇත.
අදාළ පොල් තෙල් බහාලුම් තොගය රැගෙන යෑමට පැමිණෙන නෞකාව අද පස්වරුවේ කොළඹ වරායට පැමිණීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා පැවසුවේය.
ඇෆලටොක්සීන් නමැති විෂ රසායනිකය අඩංගුවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන ලද පොල් තෙල් මෙට්‍රික්ටොන් 105ක් මීට පෙර ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගෙන තිබුණු අතර, ඒ අනුව තවත් පොල් තෙල් බහාලුම් 12ක් අද දිනයේ ප්‍රතිඅපනයනය කිරීම සිදුවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදන්ත සිල්වා මහතා සඳහන් කළේය.