කිරිබත්ගොඩ නගරයේ රජයේ ඉඩමක් වංචනිකව හොර ලේඛන සකසා විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ලබන 19 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහර ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනාද සිල්වා මහත්මිය නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අවසර ලබා දෙන්නැයි සී.අයි.ඩී ය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයි බන්ධනාගාරයේ දී ප්‍රකාශයක් ගැනීමට අවසර දුන්නාය.
ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයාගේ ආරක්ෂාවන සම්බන්ධයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිිරිසක් දැනට රිමාන්ඩ් බාරයේ පසුවේ.