ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණි.
වේදිකාව, සිනමාව සහ පුංචි තිරය යන තෙවැදෑරුම් රූපණ මාධ්‍ය සිය දක්ෂතාවෙන් අතික්‍රමණය කළ සුමින්ද සිරිසේන හැටේ දශකයේදී රංගන ක්ෂේත්‍රයට පිවිසියේය.
ඔහු කාගෙත් කතාබහට ලක්වූයේ මුහුදු පුත්තු වේදිකා නාට්‍යය හරහායි.
ඒ මහතා 1976 වසරේදී විජය ධර්ම ශ්‍රී මහතාගේ දුහුලු මලක් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසියේය.
එමෙන්ම අසූව දශකයේ ටෙලිනාට්‍ය රංගනයට පිවිසි සුමින්ද සිරිසේන මහතා අසල්වැසියෝ, සිහින නිම්නය, හිරුට මුවාවෙන් ආදි ජනප්‍රිය නාට්‍යවලට රංගනයෙන් දායකත්වය දැක්වූ අතර ඔහු වඩාත් ප්‍රසිද්ධිය දිනාගත්තේ චරිත තුනක් ටෙලිනාට්‍යෙය් “ඉසා”ගේ චරිතයෙනි.
සිනමාව වේදිකා නාට්‍ය සහ රූපවාහිනි තීරයේ විශිෂ්ට රංගනයක් දැක් වූ ඔහු අවස්ථා රැසකදී හොඳම නළුවා ලෙස සම්මානයටද පාත්‍රවී තිබේ.
කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ගම්පහ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වුණි.
ඒ මහතාගේ දේහයේ අවසන් කටයුතු පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැත.