ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගොඩබෑමේ චෝදනා ලංකා ඛනිජ තෙල් සමාගම ප්‍රතික්ෂේප කරයි

සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමන් නියමිත ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගොඩ නොගන්නා බවයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ඉන්ධන තොගයක් ගොඩබා ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවන බවයි.

ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් (LIOC) විසින් ඇණවුම් කළ පරිදි ඔක්ටේන් 92 වර්ගයේ ඩීසල් සහ පෙට්‍රල් තොගයක් නොවැම්බර් 5 වැනිදා මෙරටට පැමිණි බව ඔවුහු පැවසූහ.

තොග ගොඩබෑමට පෙර රසායනාගාරවල නියැදි පරීක්ෂාව සිදු කරන ලදී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් තොග ප්‍රමිතීන්ට අනුකූල බව අනාවරණය වී ඇතත් ඩීසල් තොගයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීම තවමත් සිදුවෙමින් පවතී. ඩීසල් තොගය ගොඩබෑම සම්බන්ධයෙන් අද රසායනාගාර වාර්තාවෙන් පසුව තීරණය කිරීමට නියමිතයි.

ඩීසල් තොගය මෙතෙක් ගොඩබා නොමැති අතර මාධ්‍යවල පළවන වාර්තා අසත්‍ය බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *