ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දේපොළ ගැන විමර්ශනයක්

ඩුබායිහි සැඟ ව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නැමැත්තා වෙනත් අයෙකුගේ නමින් දෙහිවල මුහුදු තීරයේ පවත්වාගෙන යන බවට සැක කෙරෙන හෝටලයක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇත.

එහි දී හෙළි වී ඇත්තේ, මෙම හෝටලය අනවසර ඉදිකිරීමක් බවටයි.

එමෙන්ම එහි දී අනාවරණ වී ඇත්තේ, එම ඉදිකිරීම් සඳහා ඉදිරිපත් කර ඇති බලපත්‍රය ව්‍යාජ එකක් බවයි.

මේ අතර, හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පුත්තලම කල්පිටිය පොලීසිය මඟින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසු ව එම පුද්ගලයාගේ දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

නීති විරෝධි වත්කම් යටතේ තහනමට ලක් කළ අදාළ දේපොළ යටතට බෝට්ටු 02ක්, වෑන් රථයක්, වල්ලම් 02ක්, අධිබලැති එන්ජිම් 02ක් අයත් වන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *