ප්‍රකාශන හිමිකම් ගැටළු ලිහන්න කමිටුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා වෙළෙඳ,වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය සිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කෙරිණි.

බුද්ධිමය දේපළ විෂය, නීති ක්ෂෙත්‍රය සහ මීට අදාළ අනෙකුත් අමාත්‍යාංශ නියෝජනය වන පරිදි නිලධාරීන් සහ විෂය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කර ඇත.

සංගීත ⁣ක්ෂේත්‍රයේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සලකා බලා සාධනීය විසඳුම් ලබාදීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව පිහිටුවීමේ අරමුණ වේ. බුද්ධිමය දේපළ නීති ⁣ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ආචාර්ය ඩී.එම්. කරුණාරත්න, ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් හිමාලි හෙට්ටිහෙලගේ, සහකාර අධ්‍යක්ෂ (නීති) ආචාර්ය අමාලි මුණසිංහ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) එම්.ජී.එන්. නදීෂානි, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩබ්.එච්.ඩී. ශ්‍යාමලී, අමාත්‍යාංශයේ නීති නිලධාරී අමානි පිංගමගේ මහත්ම මහත්මීහු මීට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *