පළාත් කීපයකට මිලි මීටර් සියය ඉක්ම වූ තද වැසි

දකුණ සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකැයි.

මධ්‍යම, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වඩා වැඩි තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,උතුරු – මැද සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *