කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,දිවයිනේ පළාත් කිහිපයක සහ දිස්ත්‍රික්ක කිහිපයක ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.
අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත් බදුල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකිය.
ඉන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී ආරක්ෂිත පියවරයන් අනුගමනය කිරීමට ජනතාව විමසිලිමත්විය යුතු බවය.
ඒ අනුව ආරක්ෂිත පියවරයන් ලෙස,
- ඒ අනුව එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතුය.
- කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසට ද සඳහන් කරයි.
- රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වැළකිය යුතුය.
- බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් ද වැළකිය යුතු බව පෙන්වා දෙයි.
- තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිළිමත් වන ලෙසට සහ හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහාය ලබාගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි.