පළමු ශුක්‍ර ධාතු බැංකුව පිහිටුවයි

ශ්‍රී ලංකාවේ රෝහලක් තුළ ආරම්භ කළ පළමු ශුක්‍ර ධාතු බැංකුව කොළඹ කාසල් රෝහලේ ස්ථාපිත කිරීමට කටයුතු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය  අජිත් දන්තනාරයන මහතා පවසයි.

මෙම ශුක්‍රාණු බැංකුව මගින් දරු ළුල අහිමි  කාන්තාවන් සදහා දරුවන් ලබා ගැනීමට අවශ්‍ය ධාතු ලබා ගැනීමට හැකියාව පවතින බවත් එය ඉතා රහසිගත සහ පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයෙන් සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඒ මහතා පවසයි.

එසේම මෙම ශුක්‍ර ධාතු බැංකුව සදහා අදාල  ශුක්‍ර ධාතු ලබා දීමට පිරිමි පුද්ගලයින්ට හැකියාව ඇති බවත් ඒ සදහා පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට පමණක් සිදුවන බවත් කියයි.

එම ශුක්‍ර ධාතු ලබා ගත් අය කවුරුන්ද ලබා දුන් අය කවුරුන්ද යන්න පිලිබදව කිසිදු අයකුට දැන ගැනීමට අවස්ථාවක් නොමැති බවද ඒ මහතා වැඩි දුරටක් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *