ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල රුපියල් 5,000කින් ඊයේ (15) දිනයේ ඉහළ ගොස් ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ ‘කැරට් 22’ රන් පවුමක මිල රුපියල් 342,300ක් දක්වා ඊයේ (15) පෙරවරුවේ ඉහළ ගිය බවත් රන් පවුමක මිල 14 දා රුපියල් 337,600 ක පැවැති බවත් එම ව්‍යාපාරිකයෝ කියති.
රුපියල් 365,000ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද රුපියල් 370,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පැවසූහ.


