පලා ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1,500කට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ නියෝගයකට අනුව නීත්‍යානූකූලව සේවයෙන් ඉවත් නොවී සේවයෙන් පලාගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පසුගිය පෙබරවාරි 22 සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව ඊයේ (19) දිනය දක්වා කාලය තුළ සේවයෙන් පලා ගොස් සිටි ත්‍රිවිධ හමුදා සෙබළුන් 1,604 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රිවිධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වල දී 1,444 දෙනෙකු සහ පොලීසිය සිදුකළ මෙහෙයුම්වල දී 160 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් පිරිස අතර යුද්ධ හමුදා සෙබළුන්  1,394 දෙනෙකු සිටින බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

එමෙන්ම ගුවන් හමුදා සෙබළුන් 138 දෙනෙකු සහ නාවික හමුදා සෙබළුන් 72කු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *