අනතුරුදායක අපද්‍රව්‍ය බැහැර කරමින් පරිසරයට හානි කරන පුද්ගලයන්ට රුපියල් මිලියන 20ක් දක්වා දඩ සහ සිරදඬුවම් පැනවීමට නීති හඳුන්වා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන පුද්ගලයන්ට ද රුපියල් මිලියනයේ සිට රුපියල් මිලියන 10 දක්වා දඩ පැනවීමට කටයුතු කර ඇති බව ඇය සඳහන් කළාය.
ජාතික නාමල් උයනේ 36 වැනි සංවත්සර උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. එහිදී පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ඇය අවධාරණය කළාය.


