පරිගණක අපරාධ ඒකකයට උසස්වීමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ ඇති පරිගණක අපරාධ ඒකකය පරිගණක අපරාධ කොට්ඨාශයක් දක්වා උසස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

මේ අනුව එම කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

පරිගණක අපරාධ උප ඒකකයක් යාපනයේ විවෘත කළ බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ  මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

පරිගණක අපරාධ සම්බන්ධයෙන් දිනකට පැමිණිලි විසිපහක් පමණ ලැබෙන බවත්  විමර්ශන කාර්යක්ෂම කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *