පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්

පදියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොහාන් ගුනසේන මහතාගේ සේවය පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා විසින් අත් හිටුවා තිබේ.

පදියතලාව පොලිස් ස්ථානය මගින් අත් අඩංගුවට ගත්   තේක්ක කොට තොගයක් සියල්ල අධිරණයට භාර නොදි පෞද්ගලික ලිමඩුවකට ගෙන යෑමේ සිදුවිමට කරන පරීක්ෂණයක් මුල්කරගෙන මෙම වැඩ තහනම සිදුකර ඇත.

මිට පෙර මෙම සිදුවිම පිලිබදව පදියතලාව පොලිස් ස්ථානයේම පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම් වි තිබේ.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝගය මත මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *