පද්මේගේ ගිනි අවියක් එඬෙරමුල්ලෙන් හමුවේ

රැඳවුම් නියෝග මත සිටින කෙහෙල් බද්දර පද්මේ නමැති සැකකරුගෙන් අනාවරණ වූ තොරතුරු අනුව ගිනි අවියක් සහ  උන්ඩ තොගයක් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් , ටි 56 අවි සඳහා යොදන පතුරම් ගැබ් දෙකක් , ටි 56  පතුරම් 267 ක් පොලිස් භාරයට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුට අයත් ගිනි අවියක් ඇතුළු දේපළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවකු බාරයේ මෙරට සඟවා ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව එම නිලධාරින් විශේෂ කාර්ය බළකා කැලණියේ කඳුරේ නිලධාරීන්ගේ සහාය ඇති ඇති එඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර එහි සඟවා තිබූ මෙම ගිනි අවිය සහ ජීව උඩ තොගය බාරයට ගෙන ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *