නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රිය තත්ත්වයේ පවතින එක් ජනන යන්ත්‍රයක් අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව අද (11) පද්ධතියට එක්කිරීමට නියමිතව තිබේ.
එම බලාගාරයේ ජනන යන්ත්‍ර ත්‍රිත්වයම ඊයේ (10) පස්වරුව වන විට අක්‍රීය තත්වයේ තිබු අතර එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් ආරම්භ කර තිබුණි.
ජනන යන්ත්‍ර දෙකක් අලුත්වැඩියා කටයුතු හේතුවෙන් පෙරේදා දිනයේ දී අක්‍රීය කර තිබු අතර සිදුවු විදුලි විසන්ධි වීම සමඟ අනෙක් ජනන යන්ත්‍රය ද අක්‍රීය තත්ත්වට පත්වු බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව අලුත්වැඩියා කාර්යයෙන් අනතුරුව අක්‍රීය මට්ටමේ පැවති එක් ජනන යන්ත්‍රයක් සක්‍රීය කිරීමෙන් අනතුරුව අද විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතව තිබේ.
ජල විදුලි උත්පාදනය මේ වන විට පුර්ණ වශයෙන් සිදුවීම හේතුවෙන් මෙම තත්ත්වය ජාතික විදුලි සැපයුමට බාධාවක් නොවන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.
මේ අතර රටේ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ, විදුලි පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා වු ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයා දැනුවත් කිරීමට බලධාරීන් පියවර ගතයුතු බව ලංකා විදුලිබල මණ්ඩල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පැවසුවේය.