නොරොච්චෝලෙන් සුබ ආරංචියක්

නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන ඊයේ(13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම යන්ත්‍ර ඊයේ පෙරවරුව වන විට ක්‍රියාත්මක කළ හැකි තත්වයට පත්ව තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව ඉංජිනේරුවන්ගේ දැඩි අධීක්‍ෂණය යටතේ එම යන්ත්‍ර පණගන්වන බව ද සඳහන් කළේය.

එම යන්ත්‍රවල ක්‍රියාතවය අනුව හෙට දිනයේ විදුලි කප්පාදුව පිළිබඳව තීරණය කරන බවත් විදුලි කප්පාදුව තව දුරටත් කරන්නේද යන්න අද  පෙරවරුවේ තීරණය කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *