නුවරඑළියේ ඉඩම් මැනිල්ල නවතයි

ඉඩම් කොමිසන් සභාව ඉකුත් වසර තුනක කාලයේ ලබාදුන් ඉඩම් පිළිබඳ වාර්තාවක් ලබා දෙන තෙක් ඉඩම් සහ මැනුම් නියෝග නොකරන්නැයි නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා නිලධාරින්ට  දැනුම් දුන්නේය.

නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර තුර එම නියෝගය ලබා දුන්නේය.

නව රජයේ නුවරඑළිය දිස්ත්‍රික් පළමු සම්බන්ධිකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ දී පැවැත්විණ.

එහිදී අදහස් දැක් වූ සභාපතිවරයා නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීම සදහා අඩුපාඩු ඇතුළු තොරතුරු පිලිබඳ වාර්තා කැදවීම අවශ්‍ය වෙනවා ,

පසුගිය වසර 5 ට අදාළව ඉඩම් කොමිෂන් සභාව මගින් ලබදුන් ඉඩම් පිලිබඳව වාර්තාවක් කඩින් අවශ්‍යයයි, ඉන් පසුගිය වසර 3 ට අදාළ තොරතුරු කඩිනමින් ලබා දෙන්න .

එතෙක් ඉඩම් සදහා මැනුම් නියෝග නොකරන ලෙස සභාපතිවරයා අදාළ නිලධාරී ට උපදෙස් ලබා දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *