නීති විරෝධී ලෙස ආනයනය කළ “පල්ස් ඔක්සිමීටර්” උපකරණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වු රුධිරයේ ඔක්සිජන් පරිමාව මැන බලන “පල්ස් ඔක්සිමීටර්” නමැති උපකරණ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුන තොරතුරක් මත ඊයේ පස්වරුවේ කොළඹ 12 මැසෙන්ජර් විදීය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි එම සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, සැකකරුවන් සතුව තිබි අදාළ උපකරණ 3,400ක් පමණ පොලිස් භාරයට ගත් බවය.

සැකකරුවන් අදාළ උපකරණ ප්‍රවාහනය කළ මොටර්රථ දෙකක් සහ වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුවන් වැල්ලවත්ත, මෝදර සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *