සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු ඊයේ (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ කිරුලපන ප්රදේශයේ තාවකාලික නේවාසිකාගාරක රැදී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම සදහා ශ්රී ලංකා නාවික හමුදාව ලබා දී තිබූ බුද්ධි තොරතුරු පදනම් කර ගෙන තිබූ අතර පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු මේ අතර සිටිති .
බංගලදේශ ජාතිකයන් 16 දෙනෙකු , පකිස්තානු ජාතිකයන් 02 දෙනෙකු , බුරුන්ඩි ජාතිකයන් 02 දෙනෙකු සහ ඉන්දියානු , පිලිපීන , උගන්ඩා , ඉතියෝපියානු , කෙන්යානු සහ නේපාල ජාතිකයන් එක් අයෙකු බැගින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් පිළිබඳ විමර්ශන කටයුතු අවසන් වූ වහාම මොවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතය.