නීතිපති ව්‍යවස්ථා සභාවට

නීතිපති සංජය   රාජරත්නම් මහතා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඔහු මෙසේ කැඳවා ඇතැයි  පැවසෙන්නේ නීතිමය ගැටළුවක් විසඳා ගැනීම සඳහාය.

ජනාධිපතිවරයා  ව්‍යවස්ථා සභාවට කිසියම් පත්වීමක් සඳහා නමක් නිර්දේශ කළ පසු එම නම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරුණු අවස්ථාවන්හිදී අගතියට පාර්ශව නඩු පැවරුවහොත්  නීතිපතිවරයා ව්‍යවස්ථාව සභාව වෙනුවෙන් පෙනී සිටිය හැකිද යන්න ගැන තීරණයක් ගැනීම නීතිපතිවරයා කැඳවීමේ අරමුණ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ව්‍යවස්ථාව සභාව වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින අවස්ථාවල ඒ සඳහා පෞද්ගලික නීතිඥ සහාය ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන සම්බන්ධයෙන් විමසීමද මෙම කැඳවීමේ තවත් අරමුණකි.

පසුගිය කාලයේදී  පොලිස්පති සහ  වැඩ බලන පොලිස්පති  පත්කිරීමේදීද විනිශ්චකාරවරයකු පත් කිරීමේදීද  ජනාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථා සභාවේ ඇතැම් සාමාජිකයෝ ප්‍රතික්ෂේප කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *