දේශපාලන පළිගැනීම් ගැන සොයා බලන ජනාධිපති කොමිසමට අධිකරණමය කටයුතු සහ විමර්ශන කටයුතු අත්හිටුවීමට බලයක් නොමැති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
වැඩබලන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ඉල්ලා සිටි නීති උපදේශයකට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
පසුගිය රජයේ දුෂණ විමර්ෂණ කමිටු ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන සිදු කර ඇති බැවින් එම පැමිණිලි ලබාදෙන ලෙස දේශපාලන පළිගැනීම් සොයාබලන ජනාධිපති කොමිසම ඉල්ලීමක් කර ඇත.
ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා නීතිපති උපදෙස් ඉල්ලා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ සියලු විමර්ශන කටයුතු සහ අධිකරණ කටයුතු සඳහා තහනම් නියෝග නිකුත් කිරීමට ජනාධිපති කොමිසමකට බලයක් නොමැති බවයි.
අධිකරණය හමුවේ පවතින නීතිමය කටයුතු අත්හිටුවිය හැක්කේ අධිකරණයට පමණක් බව නීතිපතිවරයා එමඟින් පෙන්වා දෙයි.