නීත්‍යානුකූල නොවන ලීසිං සමාගම් වසා දමන ලෙසට නිර්දේශ කෙරේ

නීත්‍යානුකූල නොවන ආකාරයෙන් දිවයින තුල පවත්වාගෙන යන කල්බදු (ලීසිං) සමාගම් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන ලෙස රජය වෙත නිර්දේශ කර තිබෙනවා. ඒ බැංකු නොවන මූල්‍ය සමාගම් සම්බන්ධ ගැටලු සොයා බැලීම සඳහා පත්කළ කමිටුව විසින්.

අදාල කමිටුව වැඩි දුරටත් අවධාරණය කර තිබෙන්නේ එම සමාගම් වසා දැමීමේ හැකියාවක් නොමැති නම් ඒවා මහ බැංකුව යටතේ නිශ්චිත ප්‍රමිතීන්ට යටත්ව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කළ යුතු බවයි . මෙම කමිටුවේ අවසන් වාර්තාව පසුගියදා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වෙත බාර දී තිබුණු අතර නීති විරෝධී ලීසිං ආයතනවලින් ජනතාවට සිදුවන අසාධාරණය පිළිබඳ සොයා බැලීම මෙම කමිටුව වෙත පැවැරී තිබූ වගකීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *