නිහාල් තල්දූව නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කෙරේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති ධුරය දක්වා උසස් කර තිබේ.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා අපරාධ දිසාවේ රාජකාරීවලට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙසද තවදුරටත් කටයුතු කරනු ඇත.

නව තනතුරේ රාජකාරී ඉටු කිරීම 2024.01.08 දින සිට ක්‍රියාත්මක කෙරෙන බවද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිකුත් කළ ලිපියේ දැක්වෙයි.

නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මීට පෙර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයේ කටයුතු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *