නිවිතිගල සමූපේ බලය විපක්ෂයට

සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමුපකාර සමිතියේ පාලනය සමගි ජන බලවේගය සහ පොදු ජන එක්සත් පෙරමුණ එක්ව සමගියෙන් පිහිටුවීය.

එම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සංඛ්‍යාව හතකි. ඉන් පස් දෙනෙක් සමගි ජන බලවේගයෙන් තේරී පත්වූහ.ඉතිරි දෙදෙනා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් තේරී පත්වූහ.

නව අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය නිවිතිගල සමූපකර ගොඩනැගිල්ලේ දී පැවැත්විණි.

එහිදී සමගි ජන බලවේගය නියෝජනය කළ අසංක ගුණසේකර මහතා ජන්ද 78ක් ලබා ගත්තේ ය. එම පක්ෂයේ සුදින්ත කුමාර ජන්ද 74, ඊ. සුගතදාස , ලසන්ති චතුරිකා සහ රංගික රොෂාන්ත යන තිදෙනා ජන්ද 73 බැගින් සම සමව ලබාගත්තේ ය.

පොදු ජන එක්සත් පෙරමුණේ කුමාරසිරි දයානන්ද මහතා ජන්ද 81ද, ඒ. සුමනපාල මහතා ජන්ද 77ක් ද, ලබාගත්තේ ය.

සභාපතිවරයා සහ උප සභාපතිවරයා පක්ෂ දෙකෙන් තේරීපත්වූ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන්  ඒකජන්දයෙන් තෝරාගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *