ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ රුපියල් මිලියන පන්සීයකට අධික දූෂණයක් සිදු වී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා පවසයි. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ අභ්‍යන්තර විගණනයකින් මේ තොරතුරු හෙළි වී ඇති බව ඒ මහතා පෙන්වා දේ. මේ සම්බන්ධයෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර ගණකාධිකාරිවරයා ඇතුළු නම දෙනකුගේ වැඩ තහනම් කර තිබෙන අතර එහි අභ්‍යයන්තර විගණකාධිකාරිවරයා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩි මිල ගණන්වලට ඉඩම් මිල දී ගැනීමේදී සිදුවී ඇති තවත් වංචාවක් ද හෙළි වී ඇති බව පවසන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බවද කියා සිටියේය.