කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇතිදැයි තහවුරු කර ගැනිමට සිදුකළ PCR පරීක්ෂාවකින් අනතුරුව එහි ප්රතිඵල ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයකු නිවසින් පළාගොස් ඇත. ඔහු මෙලෙස සිය නිවසින් පළාගොස් ඇත්තේ කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වීමෙන් පසුවයි.
පොලිසිය පවසන්නේ නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි මෙම පුද්ගලයා සපුගස්කන්ද, මාකොල උතුර, දේවාල පාර ලිපිනයේ පදිංචිව සිටි බවයි.
පළාගොස් ඇති කොවිඩ් ආසාදිත එම පුද්ගලයාගේ ඡායාරූපයක් ද පහතින් දැක්වෙන අතර, ඔහු පිළිබඳ තොරතුරක් වෙතොත් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ පහත දැක්වෙන දුරකතන අංක වලට දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක
පොලිස් ස්ථානාධිපති සපුගස්කන්ද – 0718591599/0112400315 හෝ හදිසි ඇමතුම් අංශය – 0112433333/119