නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1,561ක් දෙනෙකු පසුගිය පැය 24 තුළදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉන් 228ක් කුලියාපිටිය ප්‍රදේශයෙන් ද 165 දෙනෙකු මහනුවර ප්‍රදේශයෙන් සහ 137 දෙනෙකු මාතලේ ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන රීති ක්‍රියාත්මක කළ දින සිට එක් දිනකදී වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ දිනෙන් දින නිරෝධායන රීති කඩන පිරිස් වැඩිවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවය.
පළාත් සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි 105 දෙනෙකු ඊයේ දිනයේදී ද ආපසු හරවා යවා තිබේ.