නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 1,411ක් ගතවූ පැය 24ක තුළදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම අත්අඩංගුවට ගත් පිරිස අතරට මාතලේ ප්‍රදේශයෙන් 146ක්, කුලියාපිටිය ප්‍රදේශයෙන් 158ක් සහ මහනුවර ප්‍රදේශයෙන් 127ක් අයත්ය.
මෙම අත්අඩංගුවට ගත් පිරිස් අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනීසිටිය යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව විශේෂ මෙහෙයුම් කිහිපයක් ද ඊයේ බස්නාහිර පළාත තුළ සිදුකළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පළාත් සීමා උල්ලංඝනය කිරීමට පැමිණි 74 දෙනෙකු ඊයේ ආපසු හරවා යැවූ බවද ඔහු පැවසීය.