නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණයක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් මාධ්‍යවේදියෙකුට තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. අදාළ සිද්ධියට මුහුණ පෑ මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා විසින් කොළඹ මහාධිකරණ පොලිස් මුරපොල වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

අදාළ මාධ්‍යවේදියා කියා සිටින්නේ තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහරදීමට තැත් කළ බවටයි. තවද තමන් සතුව තිබූ කැමරා චිප් දෙකක්ද ඔහු විසින් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවද එම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *