නියෝජ්‍ය ඇමැති රවටයි; නව විදේශ ගමන් බලපත්‍ර 17 ක් ලබා ගනී

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍යාංශ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ අමාත්‍යාංශ නිලධාරීන් රවටා නව විදේශ ගමන් බලපත්‍ර 17ක් ලබාගෙන පළාගොස් තිබුණා.

මහජන ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙළිදරව් කළේ එම පුද්ගලයා තමා වැඩ භාරගත් දිනයේ අමාත්‍යාංශයේ විවිධ දෙපාර්තමේන්තු වෙත කැඳවාගෙන ගොස් තේ පැන් සංග්‍රහයක් පවා පැවැත්වූ බවයි.

නියෝජ්‍ය අමාත්‍ය වටගල කියා සිටියේ උත්සවය සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමා එවූ බව එම පුද්ගලයා අමාත්‍යාංශ නිලධාරීන්ට පවසා ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය වටගල මහතාගේ නියෝගයක් බව පවසමින් මෙම පුද්ගලයා නව විදේශ ගමන් බලපත්‍ර 17ක් ලබාගෙන ඇති බව පසුදින අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේදී අනාවරණය වූ බවද ඔහු සඳහන් කළේය.

ඔහු කියා සිටියේ එම පුද්ගලයා නිශාන්ත නමැති පිටස්තර පුද්ගලයෙකු බවට සිදුකළ විමසීම්වලින් අනතුරුව අනාවරණ වූ බවයි.

“මම පොලිස්පතිතුමාට නියෝග කළා ඒ පුද්ගලයා අත්අඩංගුවට ගන්න කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *