නිදහස් දින සැමරුමට එරෙහිව යාපනයේ හර්තාල්…

කොළඹදී සැමරූ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් දිනයට එරෙහිව ඊයේ යාපනයේ හර්තාලයක් පවත්වා තිබේ.

යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද හර්තාලයේ කොටසක් ලෙස වෙළෙඳසැල් කිහිපයක් වසා දමා තිබෙනු දක්නට ලැබිණි.

මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ සිට මඩකලපුව විශ්වවිද්‍යාලය දක්වා දින හතරක දැවැන්ත කළු කොඩි පා ගමනක් යාපනය සහ මඩකලපුව විශ්වවිද්‍යාලයේ සිසුන් ද සංවිධානය කර තිබේ.

පාගමන අද යාපනය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ වී පෙබරවාරි 7 වැනිදා මඩකලපුව විශ්වවිද්‍යාලයට ළඟා වීමට නියමිත අතර එහිදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු අවධාරණය කරමින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

සිසුන් විසින් මෙහෙයවන මෙම විරෝධතා පා ගමනට අතුරුදහන් වූවන්ගේ පවුල්, හින්දු සහ ක්‍රිස්තියානි ආගමික නායකයින්, දෙමළ සිවිල් සමාජ කණ්ඩායම්, දෙමළ කාන්තා කණ්ඩායම්, දෙමළ වෘත්තීය සමිති, දෙමළ ගොවීන් සහ ධීවර සංවිධාන ඇතුළු තවත් පිරිසක් එක්වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *