නැවත දැනුම් දෙන තුරු මෙරට සියලු ගුවන් තොටුපළවල් වසා දැමේ

යලි දැනුම් දෙන තුරු මෙරට පැමිණෙන සියලු මගී ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වසා තබන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා සිටිනවා.

නමුත් මෙම කාලසීමාවේදී මෙරට සිට පිටත් වන ගුවන් යානා සඳහා අවසර ලබාදී ඇති අතර මීට අමතරව මගීන් හුවමාරුවීම, හදිසි ආපදා තත්ත්වයන් මත සිදුකරනු ලබන ගොඩබැස්සවීම, මානුෂිය කටයුතු සම්බන්ධයෙන් සිදුකරනු ලබන ගුවන් මෙහෙයුම්, තාක්ෂණික හේතුන් මත සිදුකරනු ලබන ගොඩබෑම් සහ මගින් රහිතව පැමිණෙන ගුවන් යානා සඳහා මෙරට ගුවන් තොටුපළවල් වලට ගොඩබෑමට අවසර හිමිවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *